සුනාමි වේදනා තුනී කරයි


ඉතාලි භූමිකම්පාවෙන් පසු මෝදනා නගරයේ අනාථ කඳවුරුවල දිවි ගෙවන පිරිස් හමුවීමට ගිය වෙරෝනා නුවර ශ්‍රී ලාංකික තරුණ පිරිසක් කඳවුරු මුළුතැන්ගෙයි දී අපේ ආහාර වේලක් පිළියෙළ කොට ඔවුන්ට පිළිගැන්වූහ. ඉතාලි අප‍්‍රිකා හා නැගෙනහිර යුරෝපා රටවලට අයත් වූවන් සමග ශ්‍රී ලාංකිකයෝ පිරිසක් ද මෙම කඳවුරේ දිවි ගෙවති. කඳවුරු භාර නිලධාරීන් හා ඉතාලි පොලිස් නිලධාරීන් තමන්ගේ මෙම ක‍්‍රියාව දැඩි සේ අගය කළ බව ඔවුහු කීහ. වෙරෝනා නුවර නෙත‍්‍රාංජලි රංග ආයතනයේ දරු දැරියෝ කඳවුර ගත මිනිසුන්ට මානසික සතුටක් සලසමින් නැටුම් කිහිපයක් ඉදිරිපත් කළහ.