වසර 8 කට පෙර සුනාමියෙන් මියගිය 40000 පමණ ශ්‍රී ලාංකිකයනටත් අනෙක් සැමටත් පිංපැමිණවීමේ පිංකමක් මෙවරත් ඉතාලියේ මිලානෝ නගරයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී විහාරාධිපති රාජකීය පණ්ඩිත මහගම විපුලසිරි හිමි සහ ජෙනෝවා බෞද්ධ විහාරාධිපති මහඋස්සාවැව ඥාණතිලක හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පවැත්විණි. විහාරාධිපති හිමියන් පැවසුවේ උණවටුනේදී සුනාමියට මුහුණපෑ ඉතාලිජාතිකයන් කීපදෙනෙකු උදයවරුවෙදී පන්සලට පුදපූජා පවත්වා මරණානුසුසති භාවනාවේ යෙදෙන බවයි.

