සුදුවෑන් සිද්ධියේ පළමු-දෙවැනි සැකකරුවන්ට වරෙන්තු


 

(නිමන්ති රණසිංහ)

සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළව පළමු හා දෙවැනි සැකකරුවන් වූ සරත් කුමාර සහ සංජිව මදනායක යන අයවලුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (26) වරෙන්තු නිකුත් කළේය.

මෙම සිද්ධියට සම්බන්ධ තෙවැනි සහ සිව්වැනි සැකකරුවන් වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන මහත්වරු අධිකරණයේ පෙනී සිටියහ.

පළමු සහ දෙවැනි සැකකරුවන් අධිකරණයේ පෙනී නොසිටීමෙන් මොවුනට වරෙන්තු නිකුත් කරනු ලැබීය.