සුදුවෑන් තිදෙනා ගැන රහස් වාර්තාවක්


ගිය රජය කාලේ මාධ්‍යවේදීන්, දේශපාලනඥයින්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු පිරිස පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සුදු වෑන් මෙහෙයවූ ආරක්ෂක අංශ ප්‍රධානීන් තිදෙනකු සම්බන්ධයෙන් සිදු කළ රහස් වාර්තාව ඉදිරි සතියේ ආරක්ෂක මණ්ඩල වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ජනපති, අගමැති, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති හා ආරක්ෂක ලේකම් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් ආරක්ෂක මණ්ඩලයට අයත් වෙති.

සුදු වෑන් සම්බන්ධ චෝදනා එල්ලවී ඇති ආරක්ෂක අංශ සාමාජිකයන් තිදෙනාගෙන් දෙදෙනකු විශ්‍රාම ගොස් ඇති බවද ඔවුන් සම්බන්ධයෙන් හා ඔවුන්ගේ ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් වෙනම රහසිගත වාර්තාවක්ද දැනට සේවයේ යෙදී සිටින මේජර් සම්බන්ධයෙන් වෙනම වාර්තාවක්ද ජනපතිට හා අගමැතිට ලබාදීමට නියමිතව ඇති බව මහජන සාමය පිළිබඳ අමාත්‍යංශය පවසයි.