සුදුලූනු වංචාව ගැන වෙළඳ අමාත්‍යංශයෙන් විමර්ශනයක්


(බිඟුන් මේනක ගමගේ)

විවාදයට තුඩු දී ඇති ලක් සතොස සුදු ලූනු ගනුදෙනුව සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යාංශය වෙනම විමර්ශනයක් ආරම්භ කරන්නේ යැයි එහි ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය  අද (30) පැවැසීය.

සිදුවීම සම්බන්ධයෙන් ලක් සතොස ආයතනයෙන් කළ මූලික විමර්ශන වාර්තා දැනට අධ්‍යයනය කෙරෙමින් පවතින්නේ යැයි ලේකම් ජයවර්ධන මහත්මිය කීවාය.

ඒ අනුව ඉදිරි දින කීපය ඇතුළත අමාත්‍යාංශයේ විමර්ශනය කඩිනමින් ආරම්භ කරන්නේ යැයි ද ජයවර්ධන මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.