(රංජන් කස්තුරි)
කැලණිය විශ්වවිද්‍යාලයේ සී.සී.ටී.වී ආරක්ෂක කැමරා ගැලැවීමේ සිද්ධියට සම්බන්ධ සිසුන් 25දෙනාට වසර දෙකක පන්ති තහනමක් පනවා තිබේ.
මේ අතර හෙට(29) පෙරවරු 8.00 සිට කැලණිය විශ්වවිද්‍යාලයේ දළුගම පරිශ්‍රය සියලුම සිසුන්ට තහනම් ප්‍රදේශයක් බවට පත්කර ඇතැයි එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය සඳහන් කරයි.
සතිඅන්ත පශ්චාද් උපාධි පාඨමාලා, ඩිප්ලෝමා පාඨමාලා, සහතික පත්‍ර පාඨමාලා සහ ඊට අදාළ සියලු විභාග නැවත දැනුම්දෙන තුරු කල් දමා තිබේ.
මේ අතර, සී.සී.ටී.වී කැමරා ගැලැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමටත් එම කැමරා නැවත කඩිනමින් සවිකිරීමටත් කැලණිය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය තීරණය කර ඇත.

