සීෂෙල්ස් ජනපති ලංකාවට


සීෂෙල්ස් ජනරජයේ ජනාධිපති ජේම්ස් මිචෙල් තෙදින නිල සංචාරයක් සදහා අද අලුයම කටුනායකින් දිවයිනට පැමිණියේය. ජී එල් පීරිස් සහ රාජිත සේනාරත්න ඇමැතිවරුන් සීෂෙල් ජනපති ඇතුළු ධූත පිරිස කටුනායකදී පිළිගනු ලැබූහ. දෙරට අතර ධීවර, වරාය, බලශක්ති හා සෞඛ්‍ය ක්ෂේත්‍රයන් ගැන ද්වී පාර්ශික සාකච්ඡා පැවැත්වීම මේ සංචාරයේ අරමුණයි.