කතරගම ඇසළ උළෙලේ ගිනි පෑගීමේ උත්සවයේ පළමු අදියර අද උදේ වල්ලිඅම්මා දේවාලය අසලදී පැවැත්විණි. සියයකට ආසන්න පිරිසක් ගිනි පෑගූහ. කාන්තාවෝද ඒ අතර වූහ.
කතරගම මහ දේවාලය ඉදිරිපිට මහ ගිනි මැලයේ ගිනි පෑගීම බ්‍රහස්පතින්දා (10) අලුයම 4ට සිදු කිරීමට නියමිතය. රාත්‍රී 12ට ගිනි මැලය පත්තු කර අතර මහමැලයේ ගිනි පෑගීම සඳහා 350ක් පමණ සූදානමින් සිටිති.






