(සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)
පළාත් සභා සීමා නිර්ණය වාර්තාව අද පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 139කින් පරාජයට පත් විය.
සීමා නිර්ණය වාර්තාවට පක්ෂව එකදු ඡන්දයක්වත් නොලැබීම විශේෂත්වයක් විය.
විරුද්ධව ඡන්ද 139ක් ලැබිණි.
ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටියේ නැත.
වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා ද ඊට විරුද්ධව ඡන්දය පාවිච්චි කළේය.
පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා අගෝස්තු 29වැනිදා විශ්‍රාම යෑමට නියමික අතර ඔහු වෙනුවෙන් ස්තූතිය පළ කිරීම මෙම ඡන්ද විමසීමෙන් පසු සිදු විය.