සීනි මුදලාලි රිමාන්ඩ්
සීනි ආණයන ගනුදෙනුවක් සම්බන්ධයෙන් වැල්ලවත්තේ කනගරාජා නඩරාජා නම් වයාපාරිකයාගෙන් රුපියල් තුන්කෝටියක් වංචා කළැයි කියන කොල්ලුපිටියේ සින්නතුරේ ඥානචන්ද්‍රන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් ලබන 13වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
තමාගෙන් ගත් මුදල් වෙනුවෙන් ඔහු කීපවරක්ම අගරු චෙක්පත් නිකුත් කළ බවත්, පැමිණිලිකරු කියා සිටියේය. රහස් පොලීසිය පරීක්ෂණ පවත්වයි.

