සීගිරිය අභය භූමියේ පිහිටි ගොඩවූ වැවක් ඩෝසර් මගින් හෑරූ බව කියන ව්‍යාපාරිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව සිගිරි පොලිසිය කියයි. ගම්මුන්ගේ ඉල්ලීම පරිදි වැව හෑරූ බව ව්‍යාපාරිකයා පොලිසිය කියා ඇතත් පොලිසිය සැකකරනුයේ ඔහු සතුව හෝටලයක් ඇති බවත් එම හෝටලයට සීගිරි ගල හරිහැටී ප්‍රදර්ශනය නොවීම නිසා වැව හාරන මුවාවෙන් වැවේ තිබූ රූස්ස ගස් බිම හෙළා ඇති බවත්ය. සිගිරි පොලිසිය සහ සීගිරි වනජීවි නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
;

