සීගිරි බඹරු අදත් ප‍්‍රහාරයක් එල්ල කරති


සීගිරිය සිංහපාදය අසලදී අදත් බඹරුන් ඇවිස්සී කුඩා දරුවන් ඇතුළු විසි දෙනකු රෝහල් ගතකරනු ලැබූහ. විදේශ සංචාරකයෝ දෙදෙනෙක්ද බඹරුන්ගේ ප‍්‍රහාරයට ලක්වූහ. මාසයක් ඇතුළත එහි බඹරුන් ඇවිස්සුණු තෙවැනි අවස්ථාව මෙයයි.