සීගිරි බඹරා සීගිරියෙමයි


සීගිරි පර්වතයේ බඹරුන් මාදුරුඔය වනාන්තරයට ඉවත් කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල ගත් තීරණය එහි චාරිකාවකින් පසු අද ඉවත් කරගත්තේය. වනජීවී ඇමැති එස්. එම්. චන්ද්‍රසේන හා මධයම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරි මහත්වරු අද එහි ගියහ. සත්ත්ව විශේෂඥයන්ගේ වාර්තා අනුව සීගිරි බඹරුන් ඔවුන්ගේ පරිසරයෙන් ඉවත් කිරීමෙන් එම බඹරුන් මැරීයන නමුත් සීගිරිය බඹර මුක්ත කලාපයක් නොවන බවත් ඔවුහු කීහ. බඹරුන් ඉවත් කිරීමට ඇමැති චන්ද්‍රසේන මුලසිටම විරුද්ධ විය.