සීඅයිඩීය රනිල්ගෙන් ප්‍රකාශයක් ලබාගනී


පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ කථානායක කරූ ජයසූරිය යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ ලබාගන්නා ලෙසට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කළ දැනුම්දීමක් අනුව, මෙම ප්‍රකාශය ලබාගෙන ඇත.

(ඩේලි මිරර්)