(ෂෙහාන් චාමික සිල්වා)
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාගේ බිරිඳ ශෂි විරවංශ මහත්මියට එරෙහිව ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ චෝදනාව යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවරා තිබු නඩු දෙකකට අදාළව නඩු භාණ්ඩ වු ගුවන් ගමන් බලපත්‍රය හා ජාතික හැදුනුම්පත අස්ථාන ගත වී ඇති බව මීට පෙර හෙළි වු කරුණු අසත්‍ය බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා සඳහන් කළේය.
එම නඩු භාණ්ඩ සාමාන්‍යයෙන් නඩු භාණ්ඩ බන්ධනාගාර භාරකරු සන්තකයේ පවතින බවත් නඩු විභාගයේ දී නඩු භාණ්ඩ අවශ්‍ය වු විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම නිලධාරියාගෙන් ඉල්ලීමක් කළ යුතු බවත් කියා සිටි මහේස්ත්‍රාත්වරයා නමුත් එලෙස ඉල්ලා නැති බවත් ඔහු එම ඉල්ලීම කර ඇත්තේ කොළඹ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරියගෙන් බවත් කීවේය.
එය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් අතින් සිදුවු අතපසු වීමක් බවත් මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් ගෙන ගිය ප්‍රචාරය විශාල බවත් මහජනතාව කෙරෙහි අධිකරණ පද්ධතිය තුළ ඇති විශ්වාසය පළුදු වන බවත් නැවත එම වරද සිදු නොකරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා තරයේ අවවාද කළේය.

