පසුගිය ජනවාරි අට වැනි දා කොළඹ මල් පාරේ අගමැති කාර්යාලයයට බලෙන් ඇතුළු වන්නට ගිය බව කියන 12 දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසයට අද බාරවූහ.
මේ අය සිහල රාවයේ සාමාජිකයන් බවත්, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය කියයි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

