සිසුහු කිරිබත්ගොඩින් ඉවත්වෙති


පැය හතකට ආසන්න කාලයක් කිරිබත්ගොඩ නගරයේ උපවාසයක් කළ සරසවි සිසුහු අද රාත්‍රි 9.30 පමණ වනවිට  අට්ටාලය ගලවාගෙන එම ස්ථානයෙන් ඉවත්වන්නට පටන් ගත්හ. එම උපවාසය නතර කර අද සවස 6ට එම ස්ථානයෙන් ඉවත්වන ලෙසට පොලිසිය ඔවුනට  දන්වා තිබිණි. කැරැළිමර්දන පොලිසිය කැඳැවා තිබුණ ද  දෙපිරිස අතර කිසිම ගැටුමක් ඇති වූයේ නැත.