සිසුවියන් 7 කට අතවර කළ බව කියන නි:විදුහල්පති අත්අඩංගුවට


(ඩී.ජී.සුගතපාල)
 
වඳුරඹ ප්‍රදේශයේ  විදුහලක 11ශ්‍රේණියේ සිසුවියන් හත් දෙනෙකුට ලිංගික අතවර කළ බව කියන නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු අද(29)සවස  වඳුරඹ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
 
 මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි දෙදරු පියෙකු වන නියෝජ්‍ය විදුහල්පතිවරයෙකි.
 
 මාස කිහිපයක් තිස්සේ මෙම සිසුවියන්ට අතවර කරන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුන පැමිණිල්ලක් අනුව පොලිස් නිලධාරින් විදුහලට  ගොස් සිසුවියන්ගේ සහ පන්ති භාර ගුරුවරියගේ ප්‍රකාශ සටහන් කරගැනිමෙන් පසු සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා අත් අඩංගුවට ගෙන ඇත. සැකකරු හෙට අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.