සිසුන් සිව් දෙනෙක් දියේ ගිලී මියයෑමේ සිද්ධිය ගැන පරීක්ෂණයක් ඉල්ලයි


(ප්‍රසන්න පත්මසිරි)

සිසුන් සිව් දෙනෙක් දියේ ගිලී මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වා කරුණු වාර්තා කරන ලෙස ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ආර්.එම්.පී රත්නායක මහතාට නියෝග කර තිබේ.

බදුල්ල හාලිඇල විද්‍යා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 86 දෙනෙකු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දින දෙකක සංචාරයක නිරතව සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

මියගිය සිසුන් සිව්දෙනාගේ හදිසි මරණ පරීක්ෂණයේදී ඉදිරිපත් වූ සාක්කි මත චාරිකාවට සහභාගි වූ ගුරුවරුන්ගේ නොසලකිල්ල මෙම අනතුරට හේතු වූ බවට හදිසි මරණ පරීක්ෂක ඒ.එස්.එම් රෑම් මහතා නිගමනය කර තිබේ.