සිසුන් 33 න් කාටවත් රෝග ලක්ෂණ නෑ


( +++ රංජන් කස්තුරි සහ ඉන්දිකා රාමනායක)

චීනයේ වුහාන් නගරයෙන් රැගෙනවිත් දියතලාව යුද හමුදා කඳවුරේ රඳවා සිටින සිසුන් 33 දිනපතා දෙවරක් විශේෂ වෛද්‍ය පරීක්ෂාවකට ලක් කරන බව සෞඛ්‍ය  අමාත්‍යාංශය කියයි.

දරුවන් 4 දෙනෙකුද ඇතුළු එම 33 දෙනා වෙන වෙනම කාමරවල රඳවා නිරෝධායන කටයුතු කරන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ වනවිට එම ශිෂ්‍ය කණ්ඩායම මේ කිසිදු පුද්ගලයකුට රෝග ලක්ෂණ මතුව නැති අතර ඔවුන් සියලු දෙනාම සාමාන්‍ය පරිදි පසුවන බව ද සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය සඳහන් කරයි.