සිසුන් 100 අඩු පාසල් මෙම මස ආරම්භ කිරීමට යයි


(රංජන් කස්තුරි)

ආරම්භක පියවරක් ලෙස ළමයින් 100ට අඩු පාසල් මේ මාසයේදී ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

ඒ අනුව පාසල් 2962ක් මේ මසය තුළ ආරම්භ කරන බව ද ඇමැතිවරයා කියයි.

පාසල් විවෘත කිරීමට පෙර ගුරුවරුන්ට එන්නත් ලබාදී අවසන් කරන බව ද ඔහු කීය.