සිසු පෙත්සම විභාගයට


විධිමත් පරීක්ෂණයක්  නොපවත්වා තමන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට ගත් තීරණය බල රහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සබරගමුව විශ්ව විද්‍යාලයයේ සිසුන් 16 දෙනකු ගොනුකර තිබූ පෙත්සම් 10ක් සලකා බැලූ අභියාචනාධිකරණය සබරගමුව විශ්ව විද්‍යාලයයේ උපකුලපතිවරයා ඇතුළු විශ්ව විද්‍යාල සනාතන සභාවට දෙසැම්බර් 11 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියෝග කළේය.