සිවුවැනි විස්සයි-20 තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා පිල ජයගනී
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිල අතර තරග පහකින් සමන්විත විස්සයිx20 ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (07) ටි‍්‍රනිඩෑඞ්හිදී පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ලකුණු 14 ක ජයක් ලැබීමට සමත් වූහ. කොදෙව් පිල මේ වන විටත් 3-1 ක් ලෙස තරගාවලියේ ජය ලබා සිටියි. ශ්‍රී ලංකා පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 94 (යශෝධා මෙන්ඩිස් 21, දීපිකා රසාංගිකා 13, ඩිලානි මනෝදර නොදැවී 14, ශ්‍රීපාලි වීරක්කොඩි නොදැවී 14, එස්. කැම්බල් 15/2)බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 80 (ජූලියානා නීරෝ 32, චමනි සෙනෙවිරත්න 10/2, මධුරි සමුදිකා 11/3)

