සිවුරෙ බලෙන් අධිවේගේ බලෙන් යයි


අද අළුයම දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුමෙන් අනවසරයෙන් ඇතුළු වූ කාරයක් ගාස්තු නොගෙවා කොට්ටාව පිවිසුමෙන් පිටත්ව ගිය බවත්, එම කාරයේ සිටි සිවුරු හැඳගත් පුද්ගලයකු අධිවේගී මාර්ග සේවකයන්ට තර්ජනය කර බලහත්කාරකම් පා පිටව ගිය බවත්, එම වාහනයේ විස්තර හෝමාගම පොලීසියට දී පරීක්ෂණ පවත්වන බවත් දක්ෂිණ අධිවේගී මාර්ග බලධරයෝ කියති. තිරිංග විදුලිපහන් නොමැති නිසා එම වාහනයට ඇතුළුවීමට පින්නදූවෙන් අවසර දී නොමැති බවත් ඔවුහු පවසති.