(උපාලි ආනන්ද)
අම්පාර මධ්‍යම කදවුරු ග‍්‍රාමයේ සිවිල් වැසියන් දෙදෙනකු ඝාතනය කළැයි එහි පොලිස් මුරපොලේ සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට මරණ දඬුවම ලබා දීමට වයඔ පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු (අම්පාර පළාත් බද හිටපු මහාධිකරණ විනිසුරු) සුමුදු පේ‍්‍රමචන්ද්‍ර මහතා අද (7) නියෝග කළේය.
1997 දී සිවිල් වැසියන් පස් දෙනකුට වෙඩි තබා ඝාතනය කළැයි අම්පාර පළාත් බද මහාධිකරණයේ ඔවුන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබිණි.
කොස්තාපල්වරුන් දෙදෙනා ඉන් මනුෂ්‍ය ඝාතන දෙකකට පමණක් වරදකරුවන් බවට මහාධිකරණ විනිසුරුවරයා නිගමනය කළේය.
මෙසේ මරණ දඩුවම නියම වූයේ ආර්. පී. ගාමිණි කුමාරසිංහ සහ ජේ.එම්.නිමල් කරුණාරත්න යන දෙදෙනාටය.
මේ සම්බන්ධයෙන් අධිචෝදනා ලබා සිටි එක් කොස්තාපල්වරයකු නඩු විභාගය අතරතුර මියයාම නිසා ඔහුගේ නම විත්තිකරුවන්ගේ නාම ලේඛණයෙන් ඉවත් කෙරිණි.
අධිචෝදනා 43 න් අධිචෝදනා දෙකකට පමණක් විත්තිකරුවන් වරදකරුවන් බවට නිගමනය කෙරිණි.
මෙම නඩුව කල්මුනේ මහාධිකරණයේදී විභාග වූ අතර දෙමළ කතා කරන මහාධිකරණයක නඩු විභාගය පැවැත්වීම පිළිබඳව විත්තියේ නීතිඥවරුන් විරෝධය පලකිරීම නිසා නඩු විභාගය කල්මුනේ මහාධිකරණයේ සිට අම්පාර මහාධිකරණයට මාරු කෙරිණි,

