සිරිමා බෝ රැකවලෙක් සමුගනී
අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ තේවා හා ආරක්ෂාව භාරව වසර 45ක් රාජකාරි කළ මහදුර කපුමහතා වන ටී කරුණාදාස මහතා (72) රාත්‍රී අභාවප්‍රාප්ත විය.
මෑත ඉතිහාසයේ ශ්‍රී මහාබෝධියේ දීර්ඝතම සේවා කාලයක් සම්පූර්ණ කළ පුද්ගලයා කරුණාදාස මහතාය.
විහාර ගම් නවයෙහි මෑත ඉතිහාසයේ නවවැනි ප්‍රධානියා ද වූ කරුණාදාස මහතා මහදුර ධුරයේ වසර 20කට ආසන්න කාලයක් ද ඊට පෙර ගම් දුර ධුරයේ වසර 21ක් ද රාජකාරි කළ අතර වසර 45කට අධික කාලයක් බෝධීන් වහන්සේගේ සාම්ප්‍රදායික රාජකාරි ඉටුකර තිබේ.
‘රෑ ගිනි මැළ ගහගෙන බෝධිය ආරක්ෂා කළ දිග ඉතිහාසයක් අපේ තාත්තාට තිබෙනවා.‘ යැයි ඔහුගේ පුත් ගම්දුර රෝහිත කරුණාදාස මහතා කියයි.

