සිරිපතුල සුවඳ පැනින් නැහැවෙයි


ශ්‍රී පාද වන්දනා සමය අද සිට ඇරැඹෙයි. ලබන වසරේ වෙසක් පෝදායින් අවසන් වෙයි.

ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමි අද උදේ හතට ශ්‍රී  පතුල පස් පංගුව තැම්බූ වතුරින්, කහවතුරෙන් හා සුවඳ පැණින් දෝවනය කොට බුද්ධ පූජාව පවත්වා ශ්‍රී  පාද පද්මය අසල සමන් දේව පිළිමය හා දේවාභරණ, සධාතුක කරඩුව තැන්පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී  පාද වන්දනා සමය නිල වශයෙන් ආරම්භ විය.

රත්නපුර සබරගමු මහ සමන් දේවාලයේ සිට ගමන් ඇරැඹූ දේවාභරණ රැගත් පෙරහර රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සේ ද හැටන් මාර්ගය ඔස්සේ ද ශ්රීඇ පාදස්ථානයට අද අලුයම ළඟාවිය.
විශාල පිරිසක් අද ශ්රීම පාදය වන්දනා කරන්නට පැමිණියහ. ඉර සේවය බලන්නද මහා පිරිස් වූහ.