සිරිකොත සමුළුව ඇරැඹෙයි


එක්සත් ජාතික පක්ෂයේ මහ සමුළුව මින් මද වේලාවකට කලින් දැඩි ආරක්ෂක රැකවල් මැද සිරිකොත මන්දිරයේදී ඇරැඹිණි. බස්වලින් හා වෑන්වලින් නියෝජිතයෝ පැමිණියහ. එම බස් සිරිකොත මැදුරට මීටර් 100ක් ඈතින් නැවැත්වීමට සිදුවිය. සිරිකොත පැත්තේ එක් මංතීරුවක් හැර සෙසු මංතීරුවල වාහන ධාවනය වෙයි. එහෙත් පාරේ රැඳී සිටිමට පොලිසිය ඉඩ නොදෙයි. තම ගෙවත්තේ මිදුලේ පවා රැඳිසීටිමට නිවැසියනට පොලිසිය අවසර නොදෙයි. සිරිකොත ඉදිරිපිට සුළු වාහන තදබදයක් විටින් විට ඇති වෙයි.