සිරි මහ බෝ සමිඳු රැකවරණ තර කරයි


බුද්ධගයා ත්‍රස්ත්‍රවාදී ප්‍රහාරය සැළැකිල්ලට ගනිමින් අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහා බෝධියේ ආරක්ෂාව තර කිරීම‍ට පොලීසිය සැරැසේ.

අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස  නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී මෙම තීරණය ගැනිණි.

ශ්‍රී මහා බෝධියට එන  සියලු වාහන නව රථ ගාලේ නතර කළ යුතුය. ප්‍රභූ රථ ගාලට විශේෂ අවසර ලත් වාහන පමණක් ඇතුළු කෙරේ.

1985 දී කොටි  ශ්‍රී මහා බෝධිය අසල මහා මිනිස් ඝාතනයක් කළහ.එදා සිට ක්‍රියාත්මක වු ආරක්ෂක වැඩපිළිවෙළ 2012 මැයි මාසය දක්වා පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ පැරණිම වෘක්ෂය ලෙස ලොව ලිඛිත ඉතිහාසයක් ඇත්තේ අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධියටයි.