(නිමන්ති රණසිංහ)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරි ධම්ම හිමිට හෙට (14) ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද (13) නියෝග කළාය.
ත්‍රස්ත මර්දන කොට්ඨාසය කළ ඉල්ලීමකට අනුව නිකුත් වූ නොතීසියක් ප්‍රකාරව ගල්වැව සිරිධම්ම හිමියන් අද (13) අධිකරණයේ පෙනි සිටි අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව රක්ෂිත බන්ධනාගාර ගත කර සිට නිතිපති උපදෙස් ප්‍රකාරව ඇප නියම වූ සිරිධම්ම හිමියන් ඇප කොන්දේසි කඩ කරමින් සිද්ධියට අදාළව ප්‍රකාශ ලබාදීම සදහා තම කොට්ඨාසයට නොපැමිණී බව ත්‍රස්ත මර්දන කොට්ඨාසය ඉකුත් 11 වැනිදා අධිකරණයට දැනුම් දී තිබිණී. ඒ අනුව සැකකාර සිරිධම්ම හිමියන්ට අධිකරණයෙන් නොතීසි නිකුත් විණී.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත රක්ෂිත බන්ධනාගාර ගත කර පසුව නිතිපතිවරයාගේ උපදෙස් මත සැකකාර හිමිනම රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණයෙන් නියෝග නිකුත් වූයේ ඉකුත් දෙසැම්බර් මස (23) වැනිදාය.
ත්‍රස්ත මර්දන පනතට අනුව අත්අඩංගුවට ගෙන මාස තුනක කාලයක් රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සිටි සැකකාර හිමිනම නිතිපති උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ඉකුත් 18 වැනිදාය.

