සිරකරුවන් වීඩියෝ කළ අයෙක් අධිකරණයේ දී අත්අඩංගුවට


 

 

 

(නිමන්ති රණසිංහ)

 

කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ අංක හතර උසාවිය සහ සිරමැදිරියේ සැකකරුවන් ජංගම දුරකතනයකින් වීඩියෝ කළ පුද්ගලයකු පිටකොටුව පොලිසිය විසින්  අධිකරණයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.

 

නඩු විභාගවන අවස්ථාවේදී අධිකරණයේ සිරමැදිරිය අසල මහජනතාව අසුන් ගන්නා බංකුවේ දෙවැනි පේළියේ හිද සිට ඇති මෙම පුද්ගලයාගේ සැක සහිත ස්වරූපය නිසා අධිකරණය භාර පොලිස් නිලධාරියා වූ පොලිස් කොස්තාපල් එම්. පී. ඩී. මධුසංඛ මහතා විසින් මොහු අල්ලා අධිකරණ පොලිස් මුරපොළ ස්ථානාධිපති පොලිස් පරික්ෂක රම්‍යසිරි මහතා හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

 

එහිදී මෙම පුද්ගලයා එම ජංගම දුරකතනයේ මුරපදය පොලීසිය වෙත ලබා දීම ද ප‍්‍රතික්ෂේප කරමින් සිට ඇති අතර, පසුව පොලිසිය විසින් කළ ප‍්‍රශ්න කිරීම්වලදී එම මුරපදය විවෘත කර ඇතැයි ද සඳහන් වෙයි.