සිරකරුවන් 309 කට නිදහස


 

(යොහාන් භාසුර)

නත්තල් උත්සවය වෙනුවෙන් විශේෂ ජනාධිපති සමාව යටතේ සිරකරුවන් 309 ක් හෙට (25) දිනයේ නිදහස ලබන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් චන්දන ඒකනායක මහතා පැවසීය.

මෙහිදී පිරිමි රැඳවියන් 306 ක් සහ කාන්තා රැඳවියන් තිදෙනෙක් විශේෂ සමාව යටතේ නිදහස් කිරීමට නියමිත බවකි බවකි චන්දන ඒකනායක මහතා දිවයිනේ සියලුම බන්ධනාගාර වලින් මෙසේ රැඳවියා නිදහස ලබන බවද සඳහන් කළේය.