සිරකරුවන් 2000කට දරුවන් ලක්ෂ 11ක පෝෂණය වැඩි කළ හැකියි


(රංජන් කස්තුරි)

සිරකරුවන් 2000ක පොදු සමාව යටතේ නිදහස් කරන්නේ නම් රජයට වසරකට රුපියල් කෝටි 80ක පමණ මුදලක් ඉතිරිකර ගත හැකි බව වෛද්‍යවරු කණ්ඩායමක් පෙන්වා දෙති.

රටපුරා දරුවන් ලක්ෂ 11ක්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමට එම මුදල් යෙදවිය හැකි බවත් ඊට වැය වන්නේ රුපියල් කෝටි 66ක් පමණක් යැයි ද එම වෛද්‍යවරු කියති. 

ළමා වයසේදී නිසි පෝෂණයක් නොලැබීමෙන් දරුවන්ගේ ශරීර වර්ධනය අඩුවී තාර්තික බුද්දිය සහ විචාරශීලිත්වය හීනවන බව ද ඔවුහු පෙන්වා දෙති.