සියවසකුත් අඩක අබිමන සමරයි


ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට වසර 146ක් පිරීම සමරමින් විශේෂ පාගමණක් කොළඹ ගාලුමුවදොර පිටිය අසලින් ඇරඹින, පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයෝ ද එක්වූහ. අපරාධ මර්ධනය, පොලිස් මහජන සබඳතා ආදියද පෙරහරින් කැපී පෙනිනි. ත්‍රීරෝද රිය රැසක්ද ඊට එක් විය. යටත් විජිත සමයේ සිට මේ දක්වා පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුම වෙනස් වුණු ආකාරයද පෙරහරින් දැක ගත හැකි විය.