සියලු සංවර්ධන නිලධාරීන්ගේ පත්වීම් ස්ථිර කරන බව ඇමැති ජනක කියයි


(කාංචන කුමාර  ආරියදාස)
මෙතෙක් ස්ථිර කර නොමැති රාජ්‍ය  සේවයේ නියුතු සියලු සංවර්ධන නිලධාරීන්ගේ පත්වීම් ඉතා ඉක්මනින් ස්ථිර කරන බව ස්වදේශ කටයුතු හා පළාත් සභා  සහ පළාත් පාලන  අමාත්‍ය ජනක බණ්ඩාර මහතා  පැවසීය.
 
අමාත්‍යවරයා  මේ අදහස් පළ කළේ (13) දින පෙරවරුවේ  දඹුල්ල ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ  පැවති ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයකට සහභාගි වෙමිනි.
 
වසර පහක හයක කාලයක් දිර්ඝ කාලයක් සේවයේ යෙදී සිටියත් බෝහෝ සංවර්ධන් නිළධාරීන්ට ස්ථිර පත්වීම් නොමැති බවත් ඒ සියලු දෙනාගෙ පත්වීම් ඉතා ඉක්මනින් ස්ථීර කරන බවද හෙතෙම සදහන් කළේය. 
 
මෙහිදි මාතලේ දිස්ත්‍රික්කයේ  ඉඩම් ඔප්පු නොමැති පුද්ගලයන් 59 දෙනෙකු සඳහා ඉඩම් ඔප්පු දීමනා  බලපත්‍ර දීමනා ලබා ප්‍රධානය කළ  අතර සංවර්ධන නිලධාරීන් 86 දෙනෙකු සදහා කාර්යාල ගමන් මළු ලබා දීම ද සිදු කෙරිණි.
 
එසේම දහම් පාසල් හතරක් සදහා උපකරණ ලබාදීම  දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට  නෙස්කැෆේ යන්ත්‍රයක් ලබා දීම ද සිදු කෙරිණි.
 
මේ අවස්ථාවට හිටපු පලාත් සභා අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්,දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත,දඹුල්ල ප්‍රදේශිය සභා සභාපති කේ.බී.සෝමතිලක,මාතලේ දිස්ත්‍රික් ලේකම් කේ.එස්.පෙරේරා,දඹුල්ල ප්‍රාදේශිය ලේකම් ලක්ෂ්මි හේවපතිරන මහත්මිය ඇතුලු පිරිසක් එක්ව සිටියහ.