සියයට 70 - 80ක් තැපැල් ඡන්දේ දීලා
සබරගමුව, උතුරු මැද හා නැගෙනහිර පළාත් සභා ඡන්දයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අද (27) සියයට 70-80ක් වූ බව ෆැපරල් සංවිධානය පවසයි. අම්පාර හා පොළොන්නරුව දිස්ත්‍රික්ක දෙකේ සුළු සිද්ධි දෙකක් හැරෙන්නට සමස්ථයක් වශයෙන් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සාමකාමීව පැවැති බව ෆැපරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියයි. තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා 100818 දෙනෙක් සුදුසුකම් ලැබ සිටිති. බදාදාත් තැපැල් ඡන්ද දිය හැකියි.

