සිය නමක් ඇඹිලිපිටි උද්ඝෝෂණයේ


පාරිභෝගික භාණ්ඩවලට හලාල් සහතිකය ගැනීමේදී ව්‍යාපාරිකයනට අනවශ්‍ය බරක් දැරීමට සිදුවෙතියි භික්ෂූන්වහන්සේ සිය නමක් ඇඹිලිපිය නගරයේදී උද්ඝෝෂණයක් කළහ.

ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති වේවැල්දූවේ ඥානප්‍රභා හිමියෝ ද, ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභික හිමියෝ ද ඊට එක් වූහ. ඇඹිලිපිටිය කාවන්තිස්ස රජමහා විහාරයේ සිට භික්ෂූන් වහන්සේ ඇඹිලිපිටි නගරයේ බෝමළු විහාරයට පැමිණ රැස්වීමක් ද පැවැත්වූහ.

මෙම විරෝධය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය නගර සභාවේ සන්ධාන මන්ත්‍රී විජිත පුංචිහේවා සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ලසන්ත සිරිපුර මහත්වරු පැවසුවේ ජාතිවාදය හා ආගම්වාදය නොඇවිලවිය යුතු බවයි.භික්ෂූන් ගත් ක්‍රියාමාර්ගය අනුමත නොකර බව ද ඔවුහු කීහ.

නගරයේ වෙළෙඳහල් හිමියෝ මේ උද්ඝෝෂණයට එක් නොවූහ.