සිමෙන්ති කොට්ටයක මිල තවත් ඉහළට


(යොහාන් භාසුර සහ ඩයනා උදයංගනී)

කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150 කින් වැඩි කිරීමට සිමෙන්ති සමාගම් පියවරගෙන ඇති අතර ඒ අනුව සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 3,000 ක් බවට පත්ව තිබේ.

සිමෙන්ති කොට්ටයක මිල පසුගිය අප්‍රේල් මස 25 වැනිදා රුපියල් 500 කින් ඉහළ දැමීමත් සමඟ රුපියල් 2,850 ක් බවට පත්විය.