ගල්ගමුව මීගලෑවේ දිනිඳු යශේන් දරුවා පැහැරගෙන ගොස් කෝටියක් කප්පම් ඉල්ලා දුර කතන ඇමතුම් දුන් සිම්පත් අලෙවි කළ ව්‍යාපාරිකයා අද ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී සිම්පත් මිල දී ගත් සැකකරුවන් දෙදෙනා හඳුනා ගත්තේය.
මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා ඉදිරියේ පැවැති හඳුනා ගැනීමේ පෙරට්ටුවේ දී සැකකරුවන් හඳුනා ගැනීමට පැහැරගත් දරුවාට නොහැකි විය.
දරුවාගේ දෙමාපියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයට දැන්වූයේ දරුවා දැඩි පීඩනයකින් සිටි නිසා සැකකරුවන් හදුනා ගැනීමට නොහැකි වූ බවයි. ඒ අනුව නැවත හදුනා ගැනීමේ පෙරට්ටුවක් තබන ලෙස ඔවුහු අධිකරණයෙන් ඉල්ලූහ.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා උසාවියෙන් පිටව යද්දී ගම්වාසීහු විරෝධය පළ කළහ. නීතීඥවරයාගේ වෑන් රියට යා නොහැකි වන පරිදි ගම්වාසීන් මග හරස් කළ අතර පොලිසිය මැදිහත්වී ඔහුට යෑමට අවස්ථාව සලසා දුන්නේය.







