සින්නයියාට ඉක්මනින් යන්න වෙන ලකුණු


(ඉන්දිකා රාමනායක)

ශි‍්‍ර ලංකාවේ 21 වැනි  නාවික හමුදාපතිවරයා වශයෙන් පත්කර සිටින වයිස් අද්මිරාල් ට‍්‍රැවිස් සින්නයියා මහතාට ජනාධිපතිවරයා විසින් ලබා දී ඇත්තේ මාසයක සේවා දිගුවක් පමණක් බව නාවික හමුදා ආරංචි පවසයි.
ඉකුත් 22වැනිදා සින්නයියා මහතා අවුරුදු 55 සපිරූ අතර ඔහුට තවදුරටත් නාවික හමුදාපති වශයෙන් සේවය කිරීම සදහා ජනාධිපතිවරයා විසින් ලබා  දී  2017.10.25 වැනි දින දක්වා  මසක පමණ කාලයකි.
ඒ අනුව 21 වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් සේවය කරන ට‍්‍රැවිස් සින්නයියා මහතා ලබන ඔක්තෝබර් 26 වැනි දා සිය ධුරයෙන් විශ‍්‍රාම යායුතුව ඇත.
එසේ ඔහු ඔස්තෝබර් මස 26 වැනිදා  විශ‍්‍රාම යන්නේ නම් මාස දෙකක කාලයක් පමණක්  නාවික හමුදාපති ධුරය හෙබවූ එකම නිලධාරියා වශයෙන් ඉතිහාස ගතවනු ඇත.
සින්නයියා මහතා නාවික හමුදාවේ සිටින දක්ෂතම නිලධාරීයකු වු අතර සටන් පැවති සමයේ  එල් ටී ටී ඊ යට  එරෙහි සිදුකළ සටන් වලදී ඔහු කැපී පෙනුණු නිලධාරියකු විය. කොටි සංවිධානයට  ආයුධ රැගෙන ආ නෞකා 10ක්  ජාත්‍යන්තර මුහුදේදීම විනාශ කිරීමට පෙරමුණ ගත්තේ ද  ඒ මහතා ය.