සිතුල් පව්වටත් තව පන්සලකටත් නිදන් හොරු පනිති.


ඓතිහාසික සිතුල්පව්ව පූජා භූමියට අයත් ආකාස චෛත්‍යයයේ ධාතු ගර්භය ද වීරකැටියේ පීල්ලවල පුරාණ ටැම්පිට විහාරයේ පිළිම වලට ද නිදන් හොරු හානිකැර ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ආකාස චෛත්‍යය යාල වනෝද්‍යානයේ පලටුපාන වැව ආසන්නයේ පිහිටා ඇත. එහි ධාතු ඝර්භයේ අඩි දෙකක් පමණ කාණුවක් හාරා තිබේ. පීල්ලවල විහාරයේ හඳි පිළිමයේ සිරස කඩා දමා තැන තැන හාරා ඇත. එහි තිබූ විෂ්ණු දෙවි පිළිමයකට ද සිරිපතුල් ගලකට හානිකළ නිදන්හොරු චෛත්‍යෙය් හතරැස් කොටුව ද හාරා තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් සහකාර අධ්‍යක්ෂිකා වසන්ති අලහකෝන් මහත්මිය කියා සිටියේ සිදුව ඇති හානිය විශාල බවයි. පීල්ලවල විහාරයේ හිඳි පිළිමය කඩා දමා ඇති අයුරු කඩා දැමූ බුදු පිළිමයේ සිරස විෂ්ණු දෙවි ප්‍රතිමාවට හානිකැර ඇති ආකාරය හානිකර ඇති සිරිපතුල් ගල ආකාස චෛත්‍යයේ ධතු ගර්භයේ කාණුවක් කපා ඇති ආකාරය  ආකාස චෛත්‍යය පිහිටි ස්ථානය