සිඟමනට යොමු කළ දරුවන් 18ක් පොලිස් බාරයට


ඉන්දිකා රාමනායක 
 
ළමා හා කාන්තා අපයෝජන නිවාරණ  කාර්යාංශ මුලස්ථානය  මගින්  ගත වු මාස  තුනක කාලය තුළ සිදුකළ වැටලීම් වලින් සිඟමන් යැදීමට යොදවා සිටි දරුවන් 18 දෙනකු  පොලිස් බාරයට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය කියයි.
 
 මේ පිරිස අතර  පිරිමි දරුවන් 11 හා ගැහැණු දරුවන් 7 දෙනකු සිටි බව පොලිස් මුලස්ථානය සදහන් කරයි.
 
 දරුවන් සව් දෙනකු  පරිවාස බාරයට පත්කර ඇති අතර සෙසු පිරිස  අධිකරණයේ  බැඳුම්කරු මත දෙමාපියන් වෙත බාර දී ඇත.