සිංදු කියා ගෙයක් දිනයි


රණවිරු රියල් ස්ටාර් දෙවන මෙහෙයුෙමේ  ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය  කරමින් පස්වන ස්ථානයට හිමිකර ගත්  සැරයන් ඉමාලි පතිරණ වෙත නිවසක් ප්‍රධානය කිරීම  තලකිරියාගම පහලවැව යන ස්ථානයේදී ගුවන් හමුදධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ  සභාපතිනි රොෂාණි ගුණතිලක මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

මෙම නිවස ඉදිකිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ලබා දී  ඇති අතර සම්පූර්ණ ශ්‍රම දායකත්වය ගුවන් හමුදා සීගිරි කඳවුරෙන් දක්වන ලදී.

මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා සුභසාධක අධ්‍යක‍ෂක එයාර් වයිෂ් මාර්ෂල් ලාල් පෙරේරා, ගුවන් හමුදා සීගිරි කඳවුරු අණදෙණ නිළධාරි විංග් කමාන්ඩර් සී පී ගුණතිලක ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකයෝ ඇතුලු ඉමාලි ගේ ඥාතීහු  සහභාගි වුහ.