සිංගප්පූරුවේ රැදී සිටි ලාංකිකයින් 94 ක් කටුනායකට


(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 94 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ  ගුවන් යානය අද (24)  දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙම ශ්‍රී ලාංකික ගුවන් මගීන් පිරිස රැගෙන සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 303 දරන ගුවන් යානය අද (24)  දින සවස 5.07 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් යානයෙන් පැමිණි සියලුම ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කෙරුණි .