සිංගප්පූරු වෙදකමට ලක්ෂ 200ක් අරන්


මහා භාරකාර දෙපාර්තමේන්තුව හිටපු දේශපාලනඥයකු වෙනුවෙන් සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට රුපියල් ලක්ෂ 220 ක් ගෙවා ඇති බවට හෙළිවී තිබෙන බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

මෙම ගෙවීමට සම්බන්ධ ලිඛිත බිල්පත් කිසිවක් නොමැත. එපමණක්ද නොව ලේකම්වරයකුගේ ඉල්ලීමට රේඛනය ඉවත් කළ රුපියල් ලක්ෂ දොළහක් ගෙවා ඇති අතර එම ගෙවීමට අදාළවත් බිල්පත් නොමැත.

දැනට වැසී ඇති බැංකුවක රුපියල් මිලියන 100 ක මුදලක්ද තැන්පත් කර ඇති බවටත් දැනගැනීමට ඇත.

‘මහා භාරකාර දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 330 කට සිදුවූයේ කුමක්දැයි ගිණුම් ගතව නොමැති බවත් ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.