(දිනිත් චින්තක කරුණාරත්න සිංගප්පූරුවේ සිට වාර්තා කරයි)
ශ්‍රී ලංකා - සිංගප්පූරු වෙළඳ ගිවිසුම හරහා වැඩිම ප්‍රතිලාභ කඩිනමින්ම හිමිවන්නේ ශ්‍රී ලාංකීය ජනතාවට බව සිංගප්පූරු වෙළඳ සහ කර්මාන්ත අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙයි.
“ශ්‍රී ලංකා රජයත්, සිංගප්පූරුවත් එකඟත්වයට එන සෑම අවස්ථාවකදීම, ඕනෑම වාර ගණනක් වෙළෙඳ ගිවිසුම සංශෝධනය කිරීමේ හැකියාව පවතීතැයිද” එම වාර්තාවල දැක්වේ.
ඊට අමතරව වසරක කාලයකට දැනුම් දීමෙන් (නෝටිස්) රටවල් දෙකටම අවශ්‍ය නම් ගිවිසුමෙන් ඉවත්වීමට කිසිදු බාධාවක් නැතැයි”, සිංගප්පූරු වෙළඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයීය වාර්තා අනාවරණය කරයි.
ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන්, සිංගප්පූරු වාණිජ සහ කර්මාන්ත ඇමති එස්. ඊස්මන් මහතා එරට පාර්ශ්වයෙනුත් ගිවිසුම හරහා ආයෝජන ලබාගැනීම වෙනුවෙන් සෘජුවම මැදිහත්ව ක්‍රියා කරති.
“කලාපයේ සීග්‍රයෙන් දියුණුවන රටවල් දෙක අතරින් එක් රටක් වන ශ්‍රී ලංකාවට උපරිමයෙන් සැලකීමට සිංගප්පූරුව කිසි ලෙසකින්වත් පැකිළෙන්නේ නැතැයි”, සිංගප්පූරු වාණිජ සහ කර්මාන්ත අමාත්‍ය එස්. ඊස්වරන් මහතා ප්‍රකාශ කරයි.
“මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව මේ වන විට නිවැරදි සංවර්ධන මාවතට අවතීර්ණ වී ඇතැයි පෙන්වා දෙන අමාත්‍ය එස්. ඊස්මන් මහතා, එවන් ගමනක් යන ශ්‍රී ලංකාව කලාපයේ ආර්ථික කේන්ද්‍රස්ථානය කිරීමේ අග්‍රාමාත්‍යවරයාගේ වැඩපිළිවෙළට සිංගප්පූරුව “හොඳම මිතුරා” ලෙස සෑම සහායක්ම දෙන්නේ යැයිද” පවසයි.