සිංගප්පූරු ගිවිසුමට එරෙහිව සාක්කි දෙන්න රතන හිමි ජනපති කොමිසමට


(සුජිත් හේවාජුලිගේ)


ශ්‍රී ලංකා - සිංගප්පූරු වෙළඳ ගිවිසුමට එරෙහිව සාක්ෂි ලබාදීමට එ.ජා.ප. පත්කළ  පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ එම ගිවිසුම පිළිබඳ කරුණු සොයා බැලීමට පත් කෙරුණු ජනාධිපති කොමිසම හමුවේ හෙට(30) බ්‍රහස්පතින්දා පෙනී සිටිති.


තමන් වහන්සේ කළ ඉල්ලීමක් අනුව හෙට සවස 5.45ට එම කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දී ඇති බව අතුරලියේ රතන හිමියෝ ‘ලංකාදීපය’ට පැවසූහ. 


කොමිෂන් සභාව රැස් වන්නේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවටය.


ශ්‍රී ලංකා - සිංගප්පූරු ගිවිසුමේ අහිතකර වගන්ති ගණනාවක් ඇති හෙයින් ඒ වගන්ති එකිනෙක කොමිසම හමුවේ පෙන්වාදීමට බලාපොරොත්තු වන බව ද උන්වහන්සේ කීහ. ගිවිසුමේ අහිතකර දෑ ජනාධිපතිවරයාට ද පෙන්වා දුන් බව රතන හිමියෝ වැඩිදුරටත් පැවසූහ.