සෑම මාසක ම 15 වැනිදා සරසවි සිසුන්ට මහපොළ ශිෂ්‍යාධාර


(දසුන් රාජපක්ෂ)

සෑම මාසකම 15 වැනි දින විශ්වවිද්‍යාල සිසුන්ට මහපොළ ශිෂ්‍යාධාර මාසික දීමනාව ලබාගත හැකි බව උසස් අධ්‍යාපන අමාත්‍ය කැබිනට් සම ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද(11) ප්‍රකාශ කළේය.

මේ වන විට මහපොළ ශිෂ්‍යත්ව අරමුදලෙහි රුපියල් බිලියන 10.5ක් තිබෙන අතර ඉදිරි වසර පහ තුළ එම ප්‍රමාණය බිලියන 20 දක්වා වැඩි කර සෑම මාසයකදී ම විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ට රුපියල් 10,000 ක ශිෂ්‍යාධාර පිරිනැමීමට රජය සැලසුම් කර ඇති බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
 
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ය .
 
මෙතෙක් මෙම ශිෂ්‍යාධාරය ලබා දීමට  නිශ්චිත දිනයක් නොතිබුණු අතර ශිෂ්‍යාධාර දීමනා විශ්ව විද්‍යාල සිසු සිසුවියන් අතට පත්වූයේ ප්‍රමාද වී බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේය.
 
ඒ අනුව නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස දෙකට අදාලව ගෙවීමට නොහැකි වූ හිඟ ශිෂ්‍යාධාර සමග ජනවාරි  මාසයට අදාළ  ශිෂ්‍යාධාරය මෙම 15 වැනි දින සිසු සිසුවියන්ට ලබාගත හැකි බව අමාත්‍යවරයා කියා සිටියේය.