සැලී සමූගනී
උඩුගුවනට ගිය පළමු ඇමෙරිකානු ජාතික ගගනගාමිනිය වූ හැටඑක් හැවිරිදි සැලී රයිඞ් පෙරේදා(23) මෙළොවින් සමුගත්තාය.
චැලෙන්ජර් අභ්‍යාවකාශ යානයෙන් 1983 දී උඩුගුවනට ගිය ඇය ඇමෙරිකාවෙන් අභ්‍යාවකාශයට ගිය පළමු කාන්තාව ලෙස ඉතිහාසයට එක් වූවාය. 1951 මැයි 26 වැනිදා උපන් සැලී රයිඞ් ස්ටැන්ෆර්ඞ් සරසවියෙන් භෞතිකවිද්‍යාව සහ ඉංගි‍්‍රසි විෂය පිළිබඳ උපාධිධාරිණියකි.
1977 වසරේදී නාසා ආයතනය සිවිල් වැසියන් ගගනගාමීන් ලෙස බඳවා ගැනීමේ වැඩසටහන ආරම්භ කළ අතර එම අවස්ථාවේදී ගගනගාමිනියක ලෙස පුහුණුව ලැබීමට සැලී වරම් ලැබුවාය.
සැලී නාසා ආයතනයෙන් සමුගත්තේ 1987 වසරේදීය.

