(සමන් විජය බංඩාර)
මහනුවර යුගයේදී ලියවුණු සිරිලක රාජ පරම්පරාවේ අවසන් සෙල්ලිපිය ද ඇති සැලව රජ මහ විහාරය බාරකාරිත්වයේ ප‍්‍රශ්නයක් මුල් කර ගනිමින් දින කිහිපයක සිට ඉබි යතුරු යොදා වසා දමා ඇත.
මෙම විහාරය මෙලෙස වසා දැමුණේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බව කියැවේ.
පුංචි දඹුල්ල ලෙස හදුන්වන මෙම විහාරස්ථානයේ අයිතිය මල්වතු මහා විහාරය සතු වන අතර අරණායක ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ අරණායකට නුදුරින් එම විහාරය පිහිටා ඇත.
දහම් පාසල කර ගෙන යෑමටත් මින් බාධා එල්ල වී ඇති අතර දහම් පාසල් තරඟ කීපයකට දරුවන්ට යෑමට ඇති නමුත් ඒ වෙනුවෙන් ලිපි ලේඛන ලබා ගැනිමටද නොහැකි වි ඇත.තවද දෛනික බුද්ධ පූජාවද තැබිමට නොහැකි වී ඇත.




